සතුන්ටත් රක්ෂණයක්

By Mithu Apr 09, 2025 03:08 PM GMT
Mithu

Mithu

Report

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කිරීමට කටයුතු කර ඇත.

බදු යුද්ධය උග්‍ර වේ... රටවල් අතරත් ගැටුම්

බදු යුද්ධය උග්‍ර වේ... රටවල් අතරත් ගැටුම්

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා මේ බව පැවසීය. මෙහිදී සත්ත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ අයකරනු ලබන අඩුම වාරික මුදල අයකිරීම මඟින් ගවයන් සහ එළුවන් සඳහා මෙම රක්‍ෂණ ආවරණ ලබාදීම සිදුවේ. ඉහත සතුන් මියයාමකදී හෝ පුර්ණ ලෙස බෙලහීන වීමකදී රක්ෂිත මුදල ගෙවීමට කටයුතු කෙරේ.

පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට...(UPDATE)

පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට...(UPDATE)

ගව රක්ෂණය සඳහා ගවයාගේ වෙළඳපොල වටිනාකමින් 3% - 4% අතර රක්ෂණ වාරිකයකුත්, එළුවන් සඳහා උපරිමය 7% ක රක්ෂණ වාරිකයකුත් අය කරනු ලැබේ. මේ යටතේ ගොවි මහත්ම මහත්මීන් විසින් ඇති කරනු ලබන සියලුම සතුන් සඳහා රක්ෂණ ආවරණය ලබා ගැනීමට හැකියාව පවතී. මේ සම්බන්ධ වැඩි විස්තර දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කර ගැනීමෙන් ලබා ගැනීමට හැකිය.

ReeCha