රැඳවියෙක් වැසිකිලි වහලෙන් පලා යන්න දුන්නු ගේම.
Sri Lanka Police
Prison
By Wayomi
නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට කලුවංචිකුඩි අධිකරණයට රැගෙන ආ රැඳවියෙකු අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගොස් තිබෙනවා.
ඒ, නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට කලුවංචිකුඩි අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදීයි.
රජයෙන් දෙන රු.30,000 සහනාධාරය රු. 50,000 දක්වා වැඩි කර ගිණුම් වලට බර කෙරේ. - ඇමති බන්දුලගේ විශේෂ ප්රකාශය මෙන්න.
ඔහු එරාවුර් අධිකරණය විසින් නියම කළ සිව් වසරක සිරදඬුවමක් මත මෙම රැඳවියා මඩකලපුව බන්ධනාගාරයේ රඳවා තැබුණා.
පොලීසිය පැවසුවේ නියමවූ සිරදඬුවමෙන් වසරක් සම්පූර්ණ වූ පසු වෙනත් නඩුවක් සඳහා ඊයේ (27) කලුවංචිකුඩි අධිකරණයට මෙම රැඳවියාව ඉදිරිපත් කර තිබූ බවයි.
එම අවස්ථාවේදී ඔහු මෙලෙස පළාගොස් ඇති අතර ඔහු කිලිනොච්චි, ඉරණමඩු ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි බාලසුන්දරම් ගෝපිනාත් නම් පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.