ගාල්ල බන්ධනාගාරය තුළට වැටුණු තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට
ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂිත පවුරට ආසන්නව පිහිටි මුර අට්ටාල දෙක අසලින්, බන්ධනාගාරය තුළ ඇති මුළුතැන්ගෙය පිටුපස, රැඳවියන් ස්නානය කරන ජල ටැංකිය පිහිටි ස්ථානයට යම් පුද්ගලයෙකු විසින් පාර්සලයක් විසි කර ඇත. මෙම සිද්ධිය 2025 ජුලි 6 වැනිදා වාර්තා වී ඇත.
බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම පාර්සලය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී, එහි තිබී: මත්පැන් යැයි සැක කළ හැකි දියර සහිත බෝතල් 03ක් දුරකථන චාජර් 01ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද මෙම ද්‍රව්‍ය, ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට කටයුතු කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, පාර්සලය විසි කළ පුද්ගලයා හෝ පුද්ගලයින් හඳුනා ගැනීමට පියවර ගනිමින් සිටී.
මෙම සිද්ධිය, බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී ඇති බව පෙන්නුම් කරයි. බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය ඇතුළත් කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක පියවර තවදුරටත් තර කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.