අද වාර්ථා වූ ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන සියලු තොරතුරු මෙන්න

By Sewvandhi Dec 16, 2021 12:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (16) දිනයේ තහවුරු වූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් තිදෙනා ගැන තවදුරටත් තොරතුරු සොයමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

"එක ආසාදිතයෙක් විදේශිකයෙක්. ඔහු මේ වනවිට රටින් පිටවෙලා. අනෙක් කෙනා ලංකාවට ආපු කෙනෙක්. තෙවැනි පුද්ගලයා ඔහුගේ ආශ්‍රිතයෙක්. මේ අය ගැන තාම කිසිම තොරතුරක් වාර්තා වෙලා නෑ. අපි ඒ ගැන හොයනවා. මුලින්ම හඳුනාගත් රෝගියා වෙනමම හමුවූ රෝගියෙක්. දැන් ඔක්කොම ආසාදිතයින් 4යි. " 

"පසුගිය දින මුලින්ම හමුවූ රෝගියා හැරුණුකොට තවත් අලුත් රෝගීන් 3 දෙනෙකු දැන් ඉන්නවා.ගුවන්තොටුපොළින් ලබාගත් සාම්පල්වලින් පුද්ගලයින් දෙදෙනෙකු හමුවී තිබෙනවා."

"අපිට තාම සඳහනක් නෑ කොයි කොයි ප්‍රදේශවලින්ද මේ ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවෙලා තියෙන්නේ කියලා. වසංගත රෝග විද්‍යා ඒකකය විසින් පිටරට ගිය කෙනාගේ ආශ්‍රිතයින් සොයා ඒ ඒ ප්‍රදේශවලත් සමීක්ෂණ කරනවා."

"තොරතුරු ලැබුණු වහාම වාර්තා කරන්නම්. අපිට ලැබුණු ඊමේල් පණිවුඩයේ තාම කිසිම තොරතුරක් නෑ." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now