උද්ධමනය තවත් ඉහළට..!ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම ගැන අසේලගෙනුත් සැර චෝදනාවක්..(VIDEO)
පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 70.2 ක දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි මාසයේ 66.7 ක අගයක පැවති බවයි. ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 84.6 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ජූලි මාසයේ සටහන් වී ඇත්තේ 82.5 ක් ලෙසයි.
ජල, විදුලි, ගෑස් සහ ඉන්ධන කාණ්ඩයට අයත් උද්ධමනය ද සියයට 32.1කින් ඉහළ ගොස් තිබෙනවා.
ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම ගැන අසේල සම්පත්ගෙන් සැර චෝදනාවක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |