"මුළු උපාධිධාරී පරම්පරාවක්ම රැවැට්ටුවා" - පෙරටුගාමීන්ගෙන් වත්මන් පාලනයට එරෙහිව බෝම්බයක්
උපාධිධාරීන්ට මෙම රජය ලබාදෙන සාධාරණය කුමක්ද යන්න ඊයේ (16) පැවති රූපවාහිනී දේශපාලන වැඩසටහනකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ඉන්ද්‍රනන්ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටියේය.
එහිදී ඔහු සඳහන් කළේ රජය අදියර දෙකකින් ගුරු විභාගය පැවැත්වූ බවත්, එහි එක් අදියරයක අපේක්ෂකයින් 60,000ක් සහ අනෙක් අදියරයේ 90,000ක් පමණ සහභාගී වූ බවත්ය.
එමෙන්ම ගුරු පුරප්පාඩු 23,000න් 15,000ක් පමණක් බඳවා ගැනීමට අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“මැරුවත් මේ සටන අරගෙන යනවා” යැයි පැවසු පාර්ශ්වය මේ වන විට උපාධිධාරීන්ට ලබාදෙන සාධාරණය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.
එමෙන්ම හඳුන්නෙත්ති විපක්ෂයේ සිටි අවස්ථාවේදී උපාධිධාරීන්ට රැකියා ලබාදීමට නොහැකි ආණ්ඩු ගෙදර යා යුතු බව ප්‍රකාශ කළ බවද ඔහු සිහිපත් කළේය.
පසුගියදා පැවති උපාධිධාරී උද්ඝෝෂණයද සමච්චලයට ලක් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
තවද බලය ලබාගැනීමේදී දහස් ගණනක් උපාධිධාරී පරම්පරාවක් රැවටූ බවද ඔහු චෝදනා කර සිටියා.