විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි
විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම සහ මත්පැන් පානය කිරීම යන චෝදනා මත කාන්තාවකට සහ ඇයගේ පෙම්වතාට ඉන්දුනීසියාවේ දැඩි ඉස්ලාමීය නීති ක්‍රියාත්මක වන අචේ ප්‍රදේශයේදී, ප්‍රසිද්ධියේ කස පහර 140 බැගින් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් වසර 25ක කාලය තුළ එම ප්‍රදේශයේ ලබා දුන් දරුණුතම දඬුවම්වලින් එකක් ලෙස මෙය සලකයි.
එරට වාර්තා දක්වන්නේ වේවැල් කසයකින් සිදු කළ මෙම අමානුෂික පහරදීම හමුවේ එම කාන්තාව දැඩි ලෙස හඬා වැලපෙද්දී සිහිසුන්ව ඇද වැටී ඇති බවයි.
එමෙන්ම පහරදීමෙන් පසු සිහිසුන් වූ කාන්තාව රෝහල්ගත කර ඇත. ඉන්දුනීසියාවේ ෂරියා නීතිය ක්‍රියාත්මක වන එකම ප්‍රදේශය අචේ කලාපය බව වාර්තා වේ.
එමෙන්ම අචේ ප්‍රදේශයේ ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම 2001 වසරේදී ආරම්භ වූවක් වේ. එතැන් සිට මෙතරම් දරුණු දඬුවමක් ලබාදුන් අවස්ථා ඉතා අල්ප වන අතර මෙම දඬුවම ලබා දී ඇත්තේ චෝදනා දෙකක් යටතේයි.
එනම් විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් පහර 100ක් සහ තහනම් කර ඇති මත්පැන් පානය කිරීම සඳහා පහර 40ක් ලෙසයි.
කෙසේ වෙතත් එදින මෙම ඉස්ලාමීය නීති පද්ධතිය උල්ලංඝනය කිරීම නිසා ප්‍රසිද්ධ චතුරශ්‍රයට රැස් කර සිටි පුද්ගලයන් හය දෙනෙකුට දඬුවම් පමුණුවා ඇති අතර එම පිරිස අතර ෂරියා පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ සහකාරිය ද සිට ඇත.
ඒ අනුව ඔවුන්ට එරෙහිව තිබූ චෝදනාව වූයේ පෞද්ගලික ස්ථානයක අනවශ්‍ය ආකාරයෙන් සමීපව සිටීමයි. එබැවින් ඔවුන් දෙදෙනාට දඬුවම් ලෙස කස පහර 23 බැගින් ලබා දී ඇත.