සියලුම ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර..

By Piyumika Aug 08, 2024 06:19 AM GMT
Report

බංග්ලාදේශයේ පිහිටි සියලුම ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ .

උද්ගතව ඇති තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු අදාළ මධ්‍යස්ථාන වසා දමා ඇති බව ඉන්දීය රජය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවර ජනාධිපතිවරණයේ අලුත් මුහුණු අතරට දෙමළ පොදු අපේක්ෂකයා නම් කිරීම අද..

මෙවර ජනාධිපතිවරණයේ අලුත් මුහුණු අතරට දෙමළ පොදු අපේක්ෂකයා නම් කිරීම අද..

බංග්ලාදේශයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ කොන්සල් කාර්යාලවල අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල ඉවත්කර ගැනීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ විරෝධතා හමුවේ ශෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඇය පසුව ඉන්දියාවට පළා ගොස් තිබුණි.