ගංවතුර බැස්සත් ඉස්සරහට රටට තවත් නරක ආරංචියක්

Report

ගංවතුර තත්ත්වයත් සමඟ ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවධානමක් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියා සිටියේ,

රටම බය වුණ ඊළඟ සුළි කුණාටුව ගැන විශේෂ නිවේදනයක්

රටම බය වුණ ඊළඟ සුළි කුණාටුව ගැන විශේෂ නිවේදනයක්

"පසුගිය දිනවල දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුකොට ගෙන ඉදිරියේදී දරුණු බෝවන රෝග පැතිරීමේ අවදානමක් ඇති වියහැකි යැයි අපි සෞඛ්‍ය අංශ විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ වගේම බෝ නොවන රෝග තත්ත්වයෙත් යම්කිසි වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගේ ප්‍රතිකාර තත්ත්වයන් මේ වනවිට ව්‍යාකූල තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඔවුන්ගේ ඖෂධ මේ ආපදා තත්ත්වය සමඟ නැතිවී තිබෙන්නට පුළුවන්. එම නිසා ඔවුන් පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා."

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

කඳුකරයේ නායයෑම් අවදානම තවදුරටත් ඉහළයි - වැස්සොත් යළි යට වෙයි

කඳුකරයේ නායයෑම් අවදානම තවදුරටත් ඉහළයි - වැස්සොත් යළි යට වෙයි