ශ්‍රී ලංකාව යළිත් ගොඩනැංවීමට ඇපල් සමාගමත් සහය දෙයි

Report

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සඳහා සහන කටයුතු සහ එම රටවල් යළි ගොඩනැගීමට ආධාර ලබාදීමට ඇපල් සමාගම ඉදිරිපත් වී තිබේ.

ඒ බව එම සමාගමේ විධායක නිලධාරී ටිම් කුක් විසින් සිය X ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර තිබේ.

ඒ අනුව තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම රටවල්වල ජනතාව මේ වනවිට බොහෝ පීඩාවට පත්ව සිටින බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.

ඒ වගේම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් රැසකට ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් 1,300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

එලෙස ආපදාවට පත්වූ රටවල්වල සහන ලබා දීමට මෙන්ම ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වන්නා වූ සහය ලබා දීමට ඇපල් සමාගම තීරණය කර ඇත.

අද ඉඳන් වලංගු රියදුරු බලපත්‍ර සේවාවන් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අද ඉඳන් වලංගු රියදුරු බලපත්‍ර සේවාවන් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

පානිය ජලය ගැන විශේෂ දැනුම්දීමක්

පානිය ජලය ගැන විශේෂ දැනුම්දීමක්