ඉන්දීය ආරක්ෂක ඇමැති ලබන මස ශ්‍රී ලංකාවට

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා ලබන මස 9 සහ 10 යන දෙදින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරයේදී ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන අවධානයක් යොමු කෙරෙනු ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සංචාරය අතරතුර රාජ්නාත් සිං මහතා ජනාධිපති සහ ආරක්ෂක ඇමැති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

මෙම සාකච්ඡාවලදී 2025 අප්‍රේල් 5 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කළ “ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම” (MoU) පූර්ණ හා කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිත බව සඳහන් වේ.

වසර පහක කාලයක් සඳහා වලංගු මෙම අවබෝධතා ගිවිසුම, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අත්සන් කළ පළමු පුළුල් අවබෝධතා ගිවිසුම ලෙස සැලකේ.

බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ගලන අතිශය ජයග්‍රාහී දිනයක් - අගෝස්තු 28 ලග්න පලාපල මෙන්න

බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ගලන අතිශය ජයග්‍රාහී දිනයක් - අගෝස්තු 28 ලග්න පලාපල මෙන්න