විශේෂඥ වෛද්‍යවරුන්ට අනන්‍ය සේවා කාණ්ඩයක් පිහිටුවීමට ඇමති මණ්ඩල අනුමැතිය

Report

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේ, වසර 15ත් 20ත් අතර කාලයක් පුරා පැවති දීර්ඝකාලීන ඉල්ලීමක් මෙලෙස ඉටුවීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සතුටු වන බවයි.

මෙම තීරණය හරහා මහජනතාවට වඩාත් ගුණාත්මක හා වගකීම් සහිත විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබාදීමට හැකිවන අතර, ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමටද හැකි වනු ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිගෙන ඊට අවශ්‍ය නායකත්වය ලබාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටද, මෙම වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාටද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්තූතිය හිමිවන බව වෛද්‍ය ඥානසේකරම් මහතා සඳහන් කළේය.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සියලුම අමාත්‍යවරුන් මෙන්ම මුදල්, සෞඛ්‍ය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල නිලධාරීන් ලබාදුන් සහයෝගයද ඔහු අගය කළේය.

වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා අවධාරණය කළේ රජය ගත් මෙම තීරණය මෙරට සෞඛ්‍ය සේවාවට හිමි වූ වැදගත් ජයග්‍රහණයක් බවත්, ඉදිරියේදී ජනතාවට වඩාත් උසස් හා ගුණාත්මක විශේෂඥ වෛද්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත්ය. 

නේපාලයේ ජලගැලීමෙන් මරණ 332ක් - 800කට අධික පිරිසක් අතුරුදන්

නේපාලයේ ජලගැලීමෙන් මරණ 332ක් - 800කට අධික පිරිසක් අතුරුදන්

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි