ශිරාන් බාසික් සහ තිලකරත්න දිල්ෂාන් අතර තියෙන ගණුදනුවේ ඇත්ත නැත්ත මෙන්න

Report

හිටපු ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මහතා අද (27) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෑතකදී අත්අඩංගුවට ගත් ‘ශිරාන් බාසික්’ නමැති පුද්ගලයා සමඟ තිලකරත්න දිල්ෂාන් මහතා සම්බන්ධ කරමින්, ඔහු මුදල් සම්බන්ධ අයථා ක්‍රියාකාරකම් හෝ වෙනත් වංචනික කටයුතුවලට සම්බන්ධ බවට හැඟෙන ආකාරයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම්, පිටු සහ කණ්ඩායම් හරහා මෙලෙස අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දිල්ෂාන් මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවනසුලු තොරතුරු ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා නීතිමය පියවර ගැනීම මෙම පැමිණිල්ලේ අරමුණ බව සඳහන් වේ.

"එදා නාමල්ගේ කිව්ව ලැම්බෝගිනි අද අනුරගේ ආණ්ඩුවෙනුත් බානවා" - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

"එදා නාමල්ගේ කිව්ව ලැම්බෝගිනි අද අනුරගේ ආණ්ඩුවෙනුත් බානවා" - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු ජනපති

මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු ජනපති