අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය අරඹයි

Report

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (27) පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කළේය.

ශ්‍රී දළදා මාලිගාවෙන් ගමන් ආරම්භ කළ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට නියමිතය.

කිලෝමීටර් 2යි මීටර් 150ක පමණ දුරක් ගමන් කරන පෙරහර නැවත ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිත බව සඳහන් වේ.

මෙවර අවසන් රන්දෝලි පෙරහරේ සදාතුක දළදා කරඬුව වැඩමවීමේ භාග්‍යය කදිරපුර වාසනා හස්තියාට හිමිව තිබේ.

"ගත්ත තීන්දුව ආපස්සට හරවන්නේ නෑ... කවුරු මොනවා කිව්වත් ගත්ත තීන්දුව ගත්තම තමයි" - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

"ගත්ත තීන්දුව ආපස්සට හරවන්නේ නෑ... කවුරු මොනවා කිව්වත් ගත්ත තීන්දුව ගත්තම තමයි" - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්