නේපාලයේ ජලගැලීමෙන් මරණ 332ක් - 800කට අධික පිරිසක් අතුරුදන්

Report

නේපාල - ටිබෙට් දේශසීමා ආසන්නයේ සිදුවූ දැවැන්ත ජලගැලීම හේතුවෙන් නේපාලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 332 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට වේලාවෙන් ඊයේ (26) උදෑසන හටගත් හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මේ වනවිට නේපාලයේ පුද්ගලයින් 800කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව සඳහන් වේ.

අතුරුදන් වූ පිරිස අතර චීන ජාතිකයින් 100කට ආසන්න පිරිසක් සිටින බව චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

මේ අතර, ටිබෙට් ප්‍රදේශයේද අවම වශයෙන් පුද්ගලයින් 558 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ.

අයහපත් කාලගුණික තත්ත්වය සහ ප්‍රදේශයේ දුෂ්කර භූගෝලීය පිහිටීම හේතුවෙන් ගලවාගැනීමේ සහ සෙවීමේ මෙහෙයුම් දැඩි ලෙස සංකීර්ණ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පැයකට පෙර මුහුදු ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක් - හෙට 10.30 වන තෙක් වලංගු බව දන්වයි

පැයකට පෙර මුහුදු ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක් - හෙට 10.30 වන තෙක් වලංගු බව දන්වයි

නේපාලයම බියෙන් සලිත වෙයි - ඛේදවාචකයේ විලාප මැද තවත් හදිසි ජලගැලීමක් ගැන අනතුරු අඟවයි

නේපාලයම බියෙන් සලිත වෙයි - ඛේදවාචකයේ විලාප මැද තවත් හදිසි ජලගැලීමක් ගැන අනතුරු අඟවයි