"22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරන්නේ අපි පොරොන්දු වුණු 'සිස්ටම් චේන්ජ්' එකයි" - චන්දිම හෙට්ටිආරච්චි
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරට පවතින ක්‍රමවේදයේ වෙනසක් හෙවත් ‘සිස්ටම් චේන්ජ්’ එකක් සිදුකරමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසයි.
ජනතාවට පොරොන්දු වූ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ලබාදීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන ඉලක්කය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පනාගොඩ පිනිදියමුල්ල කොට්ඨාස සභාව අමතමින් ඔහු සඳහන් කළේ, නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා මෙරට අධිකරණ පද්ධතිය පුළුල් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි.
මේ වනවිට නඩු ලක්ෂ 11ක් පමණ පැවතීම හේතුවෙන් පවතින අධිකරණ පද්ධතිය තුළ එම නඩු කඩිනමින් අවසන් කිරීම අසීරු බවත්, ඒ සඳහා නව අධිකරණ සංකීර්ණ සහ වැඩි විනිසුරුවරුන් අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්
එම අවශ්‍යතාව සපුරාලීම සඳහා හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස ඇතුළු ඇතැම් ගොඩනැගිලි අධිකරණ කටයුතු සඳහා ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
අධිකරණවල සංඛ්‍යාව සහ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ සේවා වයස සම්බන්ධයෙන්ද වෙනස්කම් සිදුකිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන සහ නීති සංශෝධන ගෙන ඒමට කටයුතු කර ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
”අපිට දැන් අධිකරණ ඕනේ අලුතින්. ඇයි ලක්ෂ 11ක් නඩු තියෙන අධිකරණ පද්ධතියේ අහල ඉවර කරගන්න අමාරුයි. ඒ නිසා අලුත් අධිකරණ සංකීර්ණ ඕනේ. ඒ නිසා එදා ඇමතිලා සැප බංගලා තියාගෙන හිටිය ඒවා අපි පාවිච්චි කරන්නේ නැහැ.
අපි ඒ ටික අරගෙන අධිකරණවලට දීලා තියෙනවා. සමහරු කියා කියා යනවා අග්‍රවිනිශ්චයකාරතුමාගේ විතරයි කියල. එක්කෙනෙක්ගේ දික්කරල ලක්ෂ 11ක් නඩු අහන්න බැහැනේ. ඒවා බොරු කතා. නඩු ඉක්මණින් ඉවර වෙනවට විරුද්ධ වෙන්නේ කවුද? ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ල තියෙනවා, පනත සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා.
අධිකරණවල සංඛ්‍යාව වැඩි කරන්න, විනිසුරුවරු වැඩිකරන්න, ඉන්න අයගේ වයස වැඩි කරන්න. සිස්ටම් චේන්ජ් එකක් ගේන්නේ. අපි ජනතාවට පොරොන්දු වුණා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දෙනවා කියල. ඒක තමයි මේ ඉලක්කය”