මුහුද රළු වේ.. ධීවර සහ නාවික ප්‍රජාවට හදිසි අවවාදයක්

Report

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0-2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.

අද (28) පෙරවරු පෙරවරු 10.30 වන තෙක් වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා.   

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ගලන අතිශය ජයග්‍රාහී දිනයක් - අගෝස්තු 28 ලග්න පලාපල මෙන්න

බලාපොරොත්තු ඉටුවන, අමතර ආදායම් ගලන අතිශය ජයග්‍රාහී දිනයක් - අගෝස්තු 28 ලග්න පලාපල මෙන්න

ශිරාන් බාසික් සහ තිලකරත්න දිල්ෂාන් අතර තියෙන ගණුදනුවේ ඇත්ත නැත්ත මෙන්න

ශිරාන් බාසික් සහ තිලකරත්න දිල්ෂාන් අතර තියෙන ගණුදනුවේ ඇත්ත නැත්ත මෙන්න