ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර
ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. අනන්ත නාගේස්වරන් මහතා පවසන්නේ සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශයට වයස් පදනම් සීමා හඳුන්වා දීමට ඉන්දියාව සලකා බලන බවයි.
සමාජ මාධ්‍ය යෙදුම් භාවිතයෙන් ඇතිවන “ඩිජිටල් ඇබ්බැහිභාවය” පාලනය කිරීම සඳහා වයස් පදනම් සීමා හඳුන්වා දිය යුතු බවත් කුඩා වයසේ පරිශීලකයින් බලහත්කාරී භාවිතයට හා හානිකර අන්තර්ගතයට වැඩි අවදානමකට ලක්වන බැවින් වයස් සීමා පිළිබඳ ප්‍රතිපත්ති සලකා බැලිය යුතු බවත් අනන්ත නාගේස්වරන් මහතා පවසා ඇත.
වැඩිදුරටත් වයස් සත්‍යාපනය සහ වයසට ගැළපෙන පෙරනිමි සැකසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම සමාජ මාධ්‍ය වේදිකාවලට පැවරිය යුතු බව පවසන ඔහු ඕස්ට්‍රේලියාව පසුගිය වසරේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් අනතුරුව, ප්‍රංශය වයස 15ට අඩු දරුවන්ට එවැනි තහනමක් හඳුන්වා දීමට නීතිමය පියවර ගෙන ඇති අතර බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය සහ ග්‍රීසියද සිහිපත් කළේය.