ස්වෙච්ඡා විශ්‍රාම යෑම ගැන නිවේදනයක් - ජනවාරි 30ට පෙර කියන්න
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කල අයදුම්පත් අවශ්‍ය නම් එළැඹෙන 30 වනදාට හෝ ඊට පෙර නැවත එම අයදුම්පත් ඉවත් කර ගැනීමට ඉල්ලුම් කළ හැකි බව දැනුම් දී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාණ්‍යාධිකාරි ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා මේ බව නිවේදනයක් නිකුත් කරමින් අදාළ සේවකයින්ට දැනුම් දී තිබේ.
ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද අංක MOE/SRS/VRS/28 හා 2025.11.14 දිනැති ලිපිය අනුව, 2025 ඔක්තෝබර් 27 දිනට පෙර ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ද එම අයදුම්පත් ඉවත්කරගනිමින් නව සමාගමට බැඳීමට අදහස් කරන ලං.වි.ම. සේවකයන්ට මෙම අවස්ථාව හිමි වන වාර්තා වේ.
2026 ජනවාරි 30 දිනෙන් පසුව එම ඉල්ලුම්පත් ඉවත්කර ගැනීමට අවස්ථාව හිමි නොවන අතර එම ඉල්ලුම්පත් අනුමත නොකරණ බවද දැනුම් දී ඇති අතර ඒ අනුව ජනවාරි 30 දින හෝ ඊට පෙර සාමාන්‍යාධිකාරිකාරි ශාඛාව වෙත ලැබෙන ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කළ අයදුම්පත් ඉවත්කර ගැනීමේ ඉල්ලීම් පමණක් අනුමත කිරීමට කටයුතු කරයි.
ජනවාරි 30 දිනෙන් පසු එවැනි ඉල්ලීම් බාරගැනීමෙන් වලකින ලෙස සියලුම ඒකක / ශාඛා / අංශ ප්‍රධානීන් වෙත ද දැනුම් දී ඇති බව සඳහන් වේ.