බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

Report

බිරිඳගේ මරණයෙන් දින 07කට පසු ව තමන් ජීවත් වූ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට ඊයේ (12) දිනයේ දී එයාර් ඉන්දියන් ගුවන් යානයට ගොඩවී, ජීවිතක්ෂයට පත් වූ දෙදරු පියෙකු පිළිබඳව ද ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න

මෙලෙස මියගොස් ඇත්තේ අර්ජුන් පටෝලියා නමැති පුද්ගලයෙක්. සතියකට පමණ පෙර පටෝලියාගේ ආදරණීය බිරිඳ ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඇයගේ අවසන් ඉල්ලීම වී ඇත්තේ, ඇයගේ භෂ්මාවශේෂ ඇය උපන් බිම වන ගුජරාටයේ අමේලි දිස්ත්‍රික්කයේ තැන්පත් කරන ලෙසයි.

එම ඉල්ලීම ඉටු කිරීම සඳහා ගුජරාටයට ගොස් සිටි මෙම දෙදරු පියා (අර්ජුන් පටෝලියා) ආදරණීය බිරිඳගේ ඥාතීන් හා එක් ව බිරිඳගේ භෂ්මාවශේෂ තැන්පත් කර, දින කිහිපයකට පසු යළිත් තම දරුවන් දෙදෙනා සමග එක්වීමට ලන්ඩනය බලා ගමන් ඇරඹීමට අහමදාබාද් ගුවන්තොටුපොළ වෙත ඊයේ දහවල් පැමිණ තිබුණා

බිහිසුණු ගුවන් අනතුර ගැන දැන් කියන කතාව

බිහිසුණු ගුවන් අනතුර ගැන දැන් කියන කතාව

ඒ අනුව අර්ජුන් පටෝලියාට සිය ගමනාන්තය බලා යාමට නියමිත ව තිබූ ගුවන් යානය වූයේ අවාසනාවන්ත ලෙස කඩාවැටුණු බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය යි.

බිරිඳ ද අහිමි ව යළිත් සිය දරුවන් දෙදෙනා සමග ජීවිතය ගොඩනගා ගැනීමට හීන දුටු අර්ජුන් ද ගුවන් යානය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ මගීන් 241 දෙනා අතර සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.