පෙබරවාරි 01 සිට 07 දක්වා රට පුරා කරන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්..

Report

කටයුතු අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් දින සමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකන ලෙසට රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, රාජ්‍ය ආය­තන, ගොඩ­නැ­ඟිලි විදුලි ආලෝ­ක­යෙන් අලං­ක­ර­ණය කළ යුතුයි බවයි දන්වා ඇත්තේ.

විශේෂ චක්‍ර­ලේ­ඛ­යක් මඟින් රාජ්‍ය ආය­තන ප්‍රධා­නීන්ට උප­දෙස් ලබා දී ඇත්තේ, පෙබ­ර­වාරි මස 3 හා 4 දින­යන්හි රාජ්‍ය ආය­තන ගොඩ­නැ­ඟිලි විදු­ලි­යෙන් අලංක­ර­ණය කරන ලෙසයි.

වත්මන් තත්ත්වය සැල­කි­ල්ලට ගෙන සුදුසු අයු­රින් විදුලි බල්බ දල්වන ලෙසත් ඒ සම්බ­න්ධ­යෙන් තමන් යටතේ ඇති සියලු ආය­තන දැනු­වත් කරන ලෙසට ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත.

නිද­හස් දින සමරු උලෙළ පෙබ­ර­වාරි 1 සිට 7 දා දක්වා පුරා සති­යක් සියලු රජයේ ආය­තන ගොඩ­නැ­ඟි­ලි­වල ජාතික කොඩිය ඔස­වන ලෙස ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

පෙබරවාරි 01 සිට 07 දක්වා රට පුරා කරන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්.. | Independent Week 2024 02 From 01 To 7