විෂ කවලා මිනිස්සු මරන්නද හදන්නේ? - ත්‍රිපෝෂවල ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය වැඩි කිරීමේ රජයේ සැලසුම.

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Dec 26, 2023 07:05 AM GMT
Wayomi

Wayomi

Report

ගැබිණි , කිරිදෙන මව්වරුන්ට සහ කුඩා දරුවන්ට පෝෂ්‍යදායක ආහාරයක් ලෙස ලබදෙන ත්‍රිපෝෂවල අඩංගු විෂ රසායනික දෙගුණ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට ගන්නා බඩ ඉරිඟුවල අන්තර්ගත විය හැකි ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය දෙගුණයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරනවා.

විෂ කවලා මිනිස්සු මරන්නද හදන්නේ? - ත්‍රිපෝෂවල ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය වැඩි කිරීමේ රජයේ සැලසුම. | Increasing The Amount Of Aflatoxin In Tripe

ඔහු පවසන්නේ,අදාල කැබිනට් තීරණයට අනුව ත්‍රිපෝෂවල දැනට අඩංගු වන බඩ ඉරිඟු කොටස් බිලියනයක ‘ඇෆ්ලටොක්සින්’ කෝටස් 5 ක ප්‍රමාණය 10 ක් දක්වා ඉහළ දමන බවයි.

එමෙන්ම එම ජනතා ද්‍රෝහී කැබිනට් තීරණයත් සමඟ 1980 අංක 26 දරණ ආහාර පනත සංශෝධනය කිරීමට නියමිත බවත්, එමගින් කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු සියල්ලන්ගේ ජීවිත අවදානමට ලක්වන බවත් අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ වැඩිදුරටත් අවධාරණය කරනවා.

විෂ කවලා මිනිස්සු මරන්නද හදන්නේ? - ත්‍රිපෝෂවල ‘ඇෆ්ලටොක්සින්’ ප්‍රමාණය වැඩි කිරීමේ රජයේ සැලසුම. | Increasing The Amount Of Aflatoxin In Tripe

මේ අතර ‘ඇෆ්ලටොක්සින්’ නැමැති රසායනිකය ශරීරගත වීමෙන් අක්මාවට හානි වියයහැකි නිසා එම රසායනිකය පිළිකා කාරකයක් ලෙස පිළිගැනෙන බවත් පොල්තෙල් සහ දියරකිරිවල ‘ඇෆ්ලටොක්සින්’ නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම ගැන විශාල ආන්දෝලනාත්මක ගැටළුවක් මීට පෙර රටපුර උද්ගත වූ බවත් ඔහු පේනවා දෙනවා.   

ReeCha