2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජනවල වැඩිවීමක්

Anura Kumara Dissanayaka Economy of Sri Lanka Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 20, 2025 10:40 AM GMT
Hashini

Hashini

Report

2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජනවල වැඩිවීමක් 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබෙනවා.

මේ බව අනාවරණය වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

එය අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයනයට මහින්ද , මෛත්‍රී , රනිල් , බැසිල් සම්බන්ධයි

ඩොලර් මිලියන 110 ක කිරි ගව ආනයනයට මහින්ද , මෛත්‍රී , රනිල් , බැසිල් සම්බන්ධයි

 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, , 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවයි.

මෙම රැස්වීමේදී මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණදෙන ගැටලු, අභියෝග සහ ඊට ගත හැකි විසඳුම් පිළිබඳවද මෙම රැස්වීමේදී අවධානය යොමු වී තිබෙනවා. 

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

ReeCha