කෝටි ගාණක මුදල් වංචාවක් සම්බන්ධයෙන් තැම්පත්කකරුවන් පිරිසක් විසින් මූල්‍ය ආයතනයකට එරෙහිව විරෝධතාවයක.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
අද(19) ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිසක් විසින් නිහඬ විරෝධතාවක නිරත විය.
ඒ රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් වංචා කර ඇති පුද්ගලික මූල්‍ය ආයතනයකට එරෙහිව තැන්පතුකරුවන් පිරිසක් විසින් ය.
ඔවුන් චෝදනා කරන්නේ එම ආයතනයේ හිමිකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම්වරයාට සංදේශයක් ද භාර දෙනු ලැබීය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් පාගමනින් ගමන් කර ගලෙන්බිඳුනුවැව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී ලිපියක් ද භාර දෙන ලදී.
