මෙන්න සුබ ආරංචියක්. - සහල් පැය 4කින් නිදහස් කරනවා. - ආහාර පරීක්‍ෂකවරුන්ගේත් සහය.
Government Of Sri Lanka
Sri Lanka Customs
Rice
By Wayomi
ආනයනික සහල් වරායට ළගාවී පැය 4 ක් තුළ නිදහස් කිරීමට කටයුතු කරන බවත් ආනයනය කළ හැකි සහල් වර්ගයක් නම් කර තිබේ නම් එය ද පරීක්‍ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (5) ප්‍රකාශ කළා.
ඒ, කොළඹ රේගු මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි.
ඔහු කියා සිටියේ, රට තුළ ඇතිවී තිබෙන සහල් ගැටලුවත් සමඟ ආණ්ඩුව සහල් මෙට්‍රික්ටොන් 70,000 ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බවත් එම සහල් තොගය ආනයන කළ හොත් කන්ටේනර් 2,500ත් 3,000 අතර සංඛ්‍යාවක් වරයාට පැමිණිය යුතු බවයි.
මේ අනුව සහල් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට ළගාවුවහොත් ඒවා පැය හතරක් තුළ නිදහස් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත්, ඒ සඳහා ආහාර පරීක්‍ෂකවරුන්ගේ සහයෝගය ද ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

"මට එක පාරටම වෙඩි තියලා මරලා දාපල්ලා." - මාලිමාවට උදව් කරපු රාජාංගණයේ හාමුදුරුවන්ට සිදු වූ දේ.- අද CIDයට. - (VIDEO)
