සුපිරි සැපේ යුගයකට මඟහැරෙමුද? – රජය සූදානම්

Report

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලය ඉක්මවා ගොස් ඇති හෙයින්, ශ්‍රීලංගම බස් රථ ඇණියට නව බස් රථ හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවක් පවතී.

අධිවේගී මාර්ගවල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ, ශ්‍රීලංගම විසින් පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ පදනම මත ධාවනයේ යොදවා ඇත.

උසස් පෙළට සූදානම් වෙන්න - අයදුම්පත් කැඳවීම අද සිට

උසස් පෙළට සූදානම් වෙන්න - අයදුම්පත් කැඳවීම අද සිට

ඒ අනුව, අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200ක් තම අරමුදල් යොදා ගනිමින් මිලදී ගැනීමට ශ්‍රීලංගම තීරණය කර ඇත. මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධි සුඛෝපභෝගී බස් රථ 29ක් ඍජුව මිලදී ගැනීමටත්, ශ්‍රීලංගමයේ අරමුදල් යොදා ගනිමින් මූලික ගෙවීම් සිදු කර, ඉතිරි මුදල වසර 05ක කාලයක් තුළ මාසික වාරික ලෙස ආදායමෙන් ගෙවීම හරහා සෙසු බස් රථ මිලදී ගැනීමටත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි