ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන බවට IMF එකෙන් දැනුම්දීමක්..
ශ්‍රී ලංකාව තුළ දැනට පනවා ඇති භාණ්ඩ ආනයනය සීමා ක්‍රමයෙන් ඉවත් කෙරෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.
බදු එකතු කිරීම වර්ධනීය ආකාරයෙන් තවදුරටත් සිදු කළ යුතු බවද ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා දැඩි බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් අරමුදල කියා සිටී.
ශ්‍රී ලංකාව සඳහා වන ණය පැකේජය සඳහා අනුමැතිය ලැබීමෙන් පසු ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මහත්මිය මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප‍්‍රබල බලපෑම් සහගත ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය බවද ඇය සඳහන් කළා.
සිඳීගිය විදේශ සංචිත, ඉහළ උද්ධමනය, අස්ථිර රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම මධ්‍ය මැද ශ්‍රී ලංකාව දැඩි අවදානමට මුහුණ දෙමින් සිටින බවද ඇය පෙන්වා දෙයි.
එම අර්බුදයෙන් ගොඩ ඒමට නම් ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් හිමිකාරිත්වය සහිත විස්තීරණ ණය පහසුකම් සඳහා සහාය දක්වන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවත් ඇය කියා සිටී.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
