IMF ණය වලට කළ යුතු දෙයක් ගැන ප්‍රකාශයක්

By Sithumi Mar 21, 2023 01:46 PM GMT
Sithumi

Sithumi

Report

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම භාවිත කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අනාවරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව අද දෙරණ 24 නාලිකාව ඔස්සේ අද විකාශය වූ විද්වත් සාකච්ඡාව අතරතුරදී ඔහු මේ බව පැවසුවා.

ප්‍රශ්නය - අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් පමණ පළමු මුදල් කොටස නැවත කවදද එන්නෙ ?

"දැන් මේ පළවෙනි කඩුල්ල අපි පැන්නට පස්සේ සියලු දේ සම්පූර්ණ නැහැ. තීරණාත්මක සංධිස්ථානයෙන් අවුරුදු 4ක කාලසීමව තුළ දැන් අපිට අපි ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළින් ඉවතට යන්න බැහැ. දැන් අපි එකක් කළා. ඒක හරි අපිට දැන් අනුමැතිය ලැබුණා. ඒ හින්දා ඉදිරියට යනවා කියලා අපිට ඉදිරියට යන්න බැහැ. ඒ හින්දා මේක ඇතුළේ මේ විශ්වාසවන්ත බව විනිවිදභාවය අපි ආරක්ෂා කළ යුතුයි. වැදගත් කාරණය වෙන්නේ.

IMF සහ අනෙක් පැත්තෙන් ජාත්‍යන්තරව සහයෝගය ලබාදෙන අනෙක් ආයතනත්. මේ වැඩසටහන තුළ ඇමෙරිකාණු ඩො.බි. 7ක මුදල් ප්‍රවාහයක් රටට එකතුකරනවා. තව මතයක් තියෙනවා මේ මුදල් ලැබුණාම IMF එකෙන්. ඒ මුදල් සංචිත ඉහළදාන්න විතරක් ගත හැකි බව සමහරු කියනවා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය වියදම්වලට යොදන්න බැහැ කියලා මතයක් හැදුවා. දැන් අයවැය පවත්වාගෙන යද්දී ඒ සඳහා සහයෝගය දැක්වීමට IMF මුදල් භාවිත කරන්න පුළුවන්." 

ප්‍රශ්නය -  ඒ කියන්නේ රුපියල්වලට හරවන්න පුළුවන් නේද? "රුපියල්වලට හරවන්න පුළුවන්... මේකට සීමා නැහැ. නමුත් සමහර අය ප්‍රශ්න කළොත් ඇයි අපිට ආනයන සීමා ඉවත්කරන්න බැරි ? 

ආනයන සීමා ඉවත් කිරීමේ පළමු පියවර අපි දැන් පසුකරලා. දැන් මේක ක්‍රමාණුකූලව සිදුවිය යුතුයි."