තව පැය 20ක් ඇතුලත ශ්‍රී ලංකාවට තීරණාත්මක සුබ ආරංචියක්..ඩොලරයටත් වෙන දේ මෙන්න..
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීරණ ණය පහසුකමට අදාළ අනුමැතිය ලබාදීම සදහා එම ආයතනයේ විධායක කමිටුව අමෙරිකාවේදි අද රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එහිදි ගන්නා තීරණය හෙට උදැසන 8.00 වනවිට ප්‍රසිද්ධියට පත්කරනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.
මේ අනුව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසු කියදා කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිත විස්තීරණ ණය පහසුකම බොහෝවිට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු දැනට 300ය ඉක්මවූ ඩොලරයේ වටිනාකම රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි’ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය දා අවධාරණය කළා.
මෙවැනි තත්ත්වයක් තිබියදී, අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
කෙසේ වුවත් පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල රු. 2-4ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවයි වෙළෙද මාර්ග සඳහන් කර සිටියේ.
සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ ගැනුම් මිල රු. 330ක් සහ විකුණුම් මිල රු. 345ක් ලෙස සටහන්ව ඇත.
එමෙන්ම හැටන් නැෂනල් බැංකුවේ ද අද දිනයේ ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ ගැනුම් මිල රු.330ක් සහ විකිණුම් මිල රු.350ක් ලෙස සටහන්ව තිබෙනවා.
කොමර්ෂල් බැංකුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල 331.58ක් ලෙස සටහන්ව ඇති අතර ඩොලරයේ විකුණුම් මිල රු. 350ක් ලෙස සටහන්ව තිබෙනවා.
මේ අතර සෙලාන් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.331ක් ලෙස සටහන්ව තිබෙන අතර එහි විකිණුම් මිල රු.351ක් ලෙස සටහන්ව තිබෙනවා.
මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය අද දිනයේදී රු. 332.81ක් වූ අතර එහි විකිණුම් මිල රු.356.78ක් ලෙස සටහන්ව ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
