ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව IMF වෙත යැවු සහතිකය

Sri Lanka IMF Sri Lanka
By Sithumi Jan 17, 2023 05:16 PM GMT
Sithumi

Sithumi

Report

 මුල්‍ය අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් නිල වශයෙන් සහතිකය ලබා දෙමින් ඉන්දියාව අද දිනයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සිය සහතිකය යවා ඇති බව "ද හින්දු" පුවත්පත වාර්තා කර සිටිනවා.

   ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ලබන 19 සහ 20 වෙනිදා දිනවලදී ශ්‍රී ලංකාවේ සංචාරය ආරම්භ කිරීමට දිනකට පෙර ඉන්දියාව මෙලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත මෙම සහතිකය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා බලධාරීන් ඉහළ පෙලේ චීන නිලධාරීන් සමග සාකච්ජා අවසන් කිරීමත් සමගයි.  

එම පුවත්පත වාර්තාකර සිටියේ ඉන්දියාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත මෙම සහතිකය යවා ඇති බවට " ද හින්දු" පුවත්පතට තහවුරු කර තිබුනේ කොළඹ සිටින නිලධාරියෙකු බවයි. 

   ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් අනුමත කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිය ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ සහතිකයක් ලබාදීමට සිදුව තිබෙනවා.

  "ද හින්දු" පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටියේ චීනය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහතික කර ගැනීම කඩිනම් කර ගැනීමට හැකිවන්නේ චීනය සහ ජපානය විසින් ලබාදෙන සහතිකය මත වුවද නුදුරු දිනයකදීම ජපානය ද ශ්‍රී ලංකාවට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය නිකුත් කරනු ලබනු ඇති බවයි.