මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - ආර්ථිකය ගැන තවත් බලාපොරොත්තුවක් තබමින් අපිට ලැබුණ සහනය.. සම්පූර්ණ විස්තරය මෙතනින්..

Dollar to Sri Lankan Rupee IMF Sri Lanka Dollars
By krishani Dec 13, 2023 09:03 AM GMT
krishani

krishani

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වූ පළමු සමාලෝචනය සම්පූර්ණ කර තිබෙනවා.

මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - ආර්ථිකය ගැන තවත් බලාපොරොත්තුවක් තබමින් අපිට ලැබුණ සහනය.. සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Imf In Sri Lanka

ඒ අනුව එහි ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීමට ඇමරිකන් ඩොලර් මිලියන 337ක පමණ මුදලක් දෙවැනි වාරිකය ලෙස ලබා දීම සඳහා අනුමත කර ඇත.

ඒ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, පළමු වාරිකය යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සතුටුදායක වී ඇති බවයි.

එමෙන්ම, එක් කාර්ය සාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක ජූනි මස අවසානයේ සපුරා ගන්නා ලද බවයි.

ඊයේ (12) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදු කෙරිණ.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් දෙවැනි වාරිකය සඳහා වන අනුමැතිය ලබා දී ඇත.

මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - ආර්ථිකය ගැන තවත් බලාපොරොත්තුවක් තබමින් අපිට ලැබුණ සහනය.. සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Imf In Sri Lanka

කෙසේ වෙතත්, ලංකාව පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පවසා තිබෙනවා.

යළි ඩොලරය එකවරම පහත බසී..අද මිල ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..

යළි ඩොලරය එකවරම පහත බසී..අද මිල ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..


මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කර ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 670ක් වේ.

ReeCha