IMF එකඟ වූ බව විපක්ෂනායක කියයි
Sajith Premadasa
IMF Sri Lanka
Election
Sri Lanka Presidential Election 2024
By Sewvandhi
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, ජනතාවාදී නව වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟවී ඇති බවයි.
ඒ හරහා රට ආර්ථික වශයෙන් අස්ථාවර වීමට ඉඩ නොතබන බවයි, සමගි ජන බලවේගයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල් සංවර්ධන සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.
සමගි ජන බලවේගය සංවිධාන කළ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල් සංවර්ධන සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවත්වුණා.
මේ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම ඇතුළු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡා කර තිබෙනවා.
