ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

Sri Lanka Religion Ilpoyaday
By Aruna Nov 18, 2021 02:38 AM GMT
Aruna

Aruna

Report

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (18) යෙදී තිබේ.

සම්බුද්ධ ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝදිනයක් ලෙස ඉල් පුර පසලොස්වක් පොහෝදිනය සැලකිය හැකියි.

මේ අනුව මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොට දිනක සිදුව ඇති බව වාර්තා වේ.

ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුව තිබේ.

දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.

පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල කොවිඩ් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ආගමික වතාවත් සංවිධානය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now