විවාහ නොවී ලිංගික සබඳතා පැවැත්වීම ගැන දැඩි තීරණයක්..
Indonesia
By Sewvandhi
විවාහ නොවී ලිංගික සබඳතා පැවැත්වීම අපරාධයක් බවට නම් කරමින් ඉන්දුනීසියාව නීතියක් හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් එරට බලධාරීහු පවසා තිබෙන්නේ, පනවා ඇති නීති සංචාරකයින්ට බල නොපාන බවයි.
ලිංගික සබඳතා පවත්වන අවිවාහකයින්ට වසරක සිර දඬුවම් සහ විවාහ නොවී එකට වාසය කරන්නන්ට මාස 6ක සිර දඬුවම් ඉන්දුනීසියාව හඳුන්වා දුන් මෙම නව නීති අනුව ක්රියාත්මක වනවා.
බාලි ආණ්ඩුකාරවරයා පවසන්නේ, ඉන්දුනීසියාවට අයත් බාලි දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විවාහකභාවය පරීක්ෂා නොකරන බවයි.
මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් වන ඉන්දුනීසියාවේ මෙම නීතිය ක්රියාත්මක කිරීමට පියවර ගත්තේ, ආගමික බලපෑම් මත යි.