දැක්කොත් අනිවාර්යෙන් ම කියන්න
By Hashan
කොට්ටමල් බද්දේ විදානලාගේ නිල්මිණී තිලකා කුමාරි නමැති 49 හැවිරිදි කාන්තාවක් අතුරුදන් ව තිබෙනවා .
තම බිරිඳ අතුරුදන් වී ඇති බවට ඇයගේ ස්වාමියා විසින් පසුගිය අප්‍රේල් මස 23 වන දින මීගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව කාන්තාව සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එම කාන්තාව සොයා ගැනීම සඳහා මිගමුව පොලිසිය විසින් මහජන සහාය පතනවා.
ඇය අංක T/32, තලාදුව, කඩොල්කැලේ, මීගමුව යන ලිපිනයේ පදිංචිව සිට ඇති බවත්, ඇයගේ ජා. හැඳුනුම්පත් අංකය 767421214v වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අතුරුදන් වූ කාන්තාවගේ ඡායාරූපයක් පහතින් අමුණා ඇති අතර, ඇය සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක අමතා දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1. මුලස්ථාන පොලිස් පරීක්ෂක (මීගමුව) - 071-859 16 30
2.පොලිස් ස්ථානය මීගමුව - 031-222 22 22