කලා විෂය යටතේ උපාධිය හදාරන සිසුන්ට අලුතින්ම ලැබෙන දේ..

education University Job market ICTT
By Sewvandhi Jan 21, 2022 01:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විශ්වවිද්‍යාලවල කලා උපාධි හදාරන සිසුන්ට පරිගණක හා තොරතුරු තාක්ෂණය දැනුම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව විශ්ව විද්‍යාල ශ්‍රාස්ත්‍ර පීඨ හා සමාජීයීය විද්‍යා පීඨවල නවීන පරිගණක සම්පත් මධ්‍යස්ථාන පිහිටුවනු ඇති. ඇතැම් පීඨවල පරිගණක හා තොරතුරු තාක්ෂණය ලබාදීම සඳහා වෙනම අධ්‍යයන අංශ පිහිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ. කලා උපාධිය හදාරණ බොහෝ උපාධිධාරීන් රැකියා විරහිතව පසුවීම සැලකිල්ලට ගෙන ඔවුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවා.

රැකියා වෙළඳපොළට සරිලන කලා උපාධිධාරියෙකු බිහි කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ යටතේ හැකියාව ලැබෙන බවයි එහිජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha