අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට සිදුවූ දේ..
ආධුනික පොලිස් කොස්තාපල්වරයාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා. මොරටුව අතිරේක මහෙස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා එහිදී නියෝග කළේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකරුව මුදාහැරීමටයි.
මෙම නඩුව බී වාර්තාක් මගින් ඉදිරිපත් කර තිබූ අතර නැවත නොවැම්බර් 11 වනදා නඩුව කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළා. මෙලෙස ඇප නියම කරනු ලැබුවේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80ක් සමග මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හොරණ, දොඹගොඩ රණවිරුගම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් වන අතර සැකකරු හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලැබු 22 හැවිරිදි පුද්ගලයෙක් වනවා.
කලක ඔහු සිට අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවයි සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
මොරටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වෙත ලැබුණු තොරතුරක් මත මොරටුව මුරවත්ත ක්ලෝවියස් මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.
