රට වැටෙන බව මං දැනගෙන හිටියා - මහින්ද
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ රට වැටෙන බව අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියත් ඒ බව කියන්නට තම බිරිඳ හැර වෙන කවුරුවත් නොසිටි බවයි.
ඊයේ (18) සිය ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අමතමින් ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ බව පැවසූවා.
එම මානසික පීඩනය තවමත් දැනෙන බවත් තමන් පැවසූ දේවල් මුදල් මණ්ඩලයේ හෝ වෙනත් කිසි කෙනෙක් ගණන් නොගත් බවයි ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද සිරිවර්ධන මහතා,
“අප්‍රේල් 8 වෙනිදා මම වැඩ බාර ගත්ත දවසේ නෙමෙයි,මේ රට වැටෙන බව මම අවුරුදු දෙකකට කලින් දැනගෙන හිටියා.මට මේක කියන්න වෙන කිසිම කෙනෙක් හිටියේ නෑ.මම ගවනර්ට කිව්වා.ගෙදර ගිහිල්ලා මම හැමදාම කිව්වෙ මගේ බිරිදට.ඒ මානසික පීඩනය තාමත් මට දැනෙනවා.මේ අර්බුදය සමග මා අවුරුදු පහක් දුක් වින්ද මනුස්සයෙක්.මම මේක දැනගෙන හිටියා .ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ .මම කියපු දේවල් කවුරුත් ගණන් ගත්තේ නෑ.මුදල් මණ්ඩලයේ ගණන් ගත්තෙත් නෑ. ඒ දවස්වල හිටපු අධිපතිවරු ගණන් ගත්තෙත් නෑ.මේ තත්ත්වය එනවා කියලා සක්සුදක් සේ පැහැදිලි වුණා.නමුත් ඒ අනතුරු ඇඟවීම් වලට නිසි අවධානයක් යොමුවුණේ නෑ.මේ අර්බුදයේ 2020 සිට අද වනතුරු ඉන්න එකම ජ්‍යෙෂ්ඨයා මම වෙන්න පුළුවන්.ඒ අත්දැකීම් වලින් තමයි. මම මේ ඉතා වගකීමෙන් කියන්නේ…
