අදත් රිය අනතුරක් - වෛද්‍යවරයෙක් මරුට
By Hashini
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර පොලිස් වසමට අයත් තංගනගර් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඉන්ධන රැගෙන මඩකලපුව දෙසට ධාවනය වූ බවුසරයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ 59 හැවිරිදි වෛද්‍යවරයා මෙලෙස මිය ගොස් ඇත.
අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා පළමුව මුතූර් රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
මියගිය වෛද්‍යවරයාගේ දේහය දැනට සේරුනුවර රෝහලේ තබා ඇත.
සේරුනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.