ඊශ්‍රායලයේ මිසයිල ප්‍රහාරයකින් ලාංකික සාත්තු සේවිකාවකට තුවාල
ඊශ්‍රායලයේ ටෙල්අවිව් හි බෙයර්ෂෙබා රෝහලේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ එම සාත්තු සේවිකාව ඉරෝශිකා චතුරංගනී නමැති කාන්තාවකි.
මේ පිළිබඳව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
ඇයට ප්‍රතිකාර ලබාදෙන අතර ඒ පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බව ද නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර තිබේ.