පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරලා
ඉතා අවාසනාවන්ත පුවතක් පිළිබඳව ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයෙන් වාර්තාවේ.
ඒ අනුව පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ. මේ ආකාරයෙන් මිය ගොස් ඇත්තේ පුම්පුකර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි විසි පස් හැවිරිදි කාන්තාවක් බවවාර්තා වෙයි.
ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් ලැබී තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය ස්වාමිපුරුෂයා විසින් සිදු කර ඇති බවය.
ඝාතනය සිදුකළ 33 හැවිරිදි ස්වාමිපුරුෂයා තම දියණිය සමඟ නිවසින් පිටව ගොස් එරාවූර් පොලිස් ස්ථානය වෙත භාර වී ඇත. මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.