උඹේ තාත්තාව මැරුවේ මමයි - අම්බලන්ගොඩ ඝාතනයේ කවුරුත් නොහිතපු සුල මුල එළියට

Report

විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා වෙඩි තබා ඊයේ (04) දින ඝාතනය කර ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ සිදුවූ ඝාතනයක පළිගැනීමක් වශයෙන් බවට විමර්ශන අංශ අනාවරණය කර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඉකුත් පළාත් පාලන මැතිවරණයට පෙර මීටියගොඩ ප්‍රදේශයේ මහදුම නලීන් නැමැත්තා ඝාතනය වී තිබෙන අතර එම පුද්ගලයාගේ පුත්‍රයා වූ ඉසුරු නැමත්තා විදෙස්ගතව සිටින අයෙක් වේ.

ඒ අනුව ඊයේ දින අම්බලන්ගොඩ ව්‍යාපාරිකයා ඝාතනය වීමෙන් අනතුරුව එම ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ දුරකථනයට ඉසුරු නැමැත්තා දුරකථන ඇමතුමක් ලබාදෙමින් "උඹේ තාත්තාව මැරුවේ මමයි. මගේ තාත්තා මරපු පළිය මම ගත්තා" යනුවෙන් පවසා ඇති බව සඳහන්.

අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය අසලදී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයකු ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා තිබුණා.

අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගනී - මියගියේ සජබ අපේක්ෂකයෙක්

අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගනී - මියගියේ සජබ අපේක්ෂකයෙක්

එහිදී ඝාතනයට ලක්වූයේ පෝරඹ පාළුවත්ත පාර ප්‍රදේශයේ පදිංචි බහු දින යාත්‍රා හිමිකරුවකු වන වර්ෂවිතාන මිරන්ත නම් 51 හැවිරිදි දෙදරු පියෙක්.

පොලීසිය සඳහන් කළේ ඔහු යතුරුපැදියෙන් බැංකුවක සිට අම්බලන්ගොඩ වරායට යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

එසේම විමර්ශන මගින් අනාවරණය වූයේ මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවත් මරණකරුගේ ගෙල, මුහුණ හා පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවත් ය.

එසේම ඝාතනය වූ තැනැත්තා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයාද වන අතර අම්බලන්ගොඩ නගර සභා මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය ලැයිස්තුවේ සිටි අපේක්ෂකයෙක් වේ.

එමෙන්ම් ඔහු මෙවර අම්බලංගොඩ සමුපකාර මහා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ද වනවා. පොලීසිය සඳහන් කරන ලෙස ඔහු කරන්දෙණිය සුද්දාගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා වේ.

අම්බලන්ගොඩ වෙඩි ප්‍රහාරේ ඇත්ත නැත්ත - ආන්දෝලනාත්මක තොරතුරු රැසක් එළියට

අම්බලන්ගොඩ වෙඩි ප්‍රහාරේ ඇත්ත නැත්ත - ආන්දෝලනාත්මක තොරතුරු රැසක් එළියට

එමෙන්ම ඉකුත්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද මොහු කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ එම කපු මහතා ලොකු පැටී නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීතමයකු වීමත්, ලොකු පැටීගේ රුපියල් කෝටි 33 ක කළු මුදල් සුදුකිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ මෙම ව්‍යාපාරිකයා ගැන ඇතිවූ සැකයක් මත මෙම අපරාධය සිදුවූයේද යන්න පිළිබඳවද දීර්ඝ ලෙස විමර්ශන සිදුවන බවයි.

අඳාළ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අම්බලන්ගොඩ නගර සභාවේ සැසිවාරය පුස්තකාල ගොඩනැගිල්ලේ උඩුමහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පවත්වා ඇති අතර එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහු වෙඩි ශබ්දය ඇසී වහාම උඩුමහලට දිවගොස් තිබුණා.

ඒ සභාව තුළ වූ වෙඩිතැබීමක් දැයි ඇති වූ සැකයටයි. එහිදී සභාවේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන අම්බලන්ගොඩ නගර සභා රැස්වීමද මහත් කලබලයට හා තැති ගැන්මට ලක්ව නතර කිරීමට සභාපතිවරයා කටයුතු කර තිබුණා.

මේ අතර වෙඩික්කරුවන් අපරාධය සිදුකර ගාලුපාරට ගොස් ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයෙන් පලාගොස් තිබූ අතර එම රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ හැර දමාගොස් තිබියෙදී පොලිසිය සොයා ගැනීමට සමත් වුණා.

මීට සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

මීට සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට

ඒ අනුව මෝටර් රථයේ ගමන් කළ පිරිස වෙඩික්කරු බවට පැවසෙන පුද්ගලයා අතරමගදී බස්සවා එහි රියැදුරු වශයෙන් සැක කෙරෙන පුද්ගලයා රථය දමා ගොස් ඇති බවටද සැක කරයි.

කෙසේ වෙතත් මෙම ඝාතනයට නිශ්චිත හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය ප්‍රධානත්වයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම වැඩිදුර විමර්ශන සිදුකරන බව පවසයි.

කෙසේ වෙතත් මෙම වසරේ මේ දක්වා කලය තුළදී වෙඩිතැබීම් 104ක් සිදුව ඉන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්ව 53 දෙනකු තුවාල ලබා ඇත.

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි