ඉල් පුර පසළොස්වක පොහොය අදයි
ඉල් පුර පසළොස්වක පොහොය අද (05) දිනට යෙදී තිබේ.
ඒ අනුව මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදු වී තිබෙන බව ශාසන ඉතිහාසයේ දැක්වේ.
ප්‍රථම ධර්ම දූත හැටනම ධර්ම ප්‍රචාරණයේ යෙදවීම, තුන් බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදු වී තිබේ.
දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාවරෝහණය සහ බුදුරජාණන් වහන්සේගේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ පිරිනිවන් පෑම ද සිදු වී ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනක බවයි සඳහන් වන්නේ.
පසු වස් පවාරණය සිදු කරන පොහොය දිනය මෙන් ම කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහො දිනය ලෙස ද ඉල් පුර පසළොස්වක පොහොය දිනය සැලකෙන අතර, ඉල් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බෞද්ධ ජනතාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවේ.