මිනිස් ජාවාරමට සම්බන්ධ 16 දෙනෙකුට සිර දඬුවම්.

United Kingdom India World Prison
By Hashini Sep 16, 2023 11:01 AM GMT
Hashini

Hashini

Report

ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 16 දෙනෙකුට වසර 70කට වැඩි සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ සහ මිනිස් ජාවාරමට සම්බන්ධ වීම යන චෝදනා මතයි.

එම සිර දඬුවම හිමි වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් අනතුරුවයි.

ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ 2017 -2019 අතර කාලයේ මුදල් විශුද්ධිකරණය සහ මිනිස් ජාවාරම් සිදු කර ඇති බවටයි.

මෙම ජාවාරම්කරුවන් විසින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 70ක පමණ මුදලක් බ්‍රිතාන්‍යයෙන් පිටතට රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ හරහා උපයන මුදල් මෙලෙස පරිහරණය කර ඇති බවටද වාර්තා වෙනවා. 

ReeCha