ගල්කිස්සේ දැරිය මිලදී ගත් උප සභාපති රිමාන්ඩ්

galkissa mihinthale lalith edirisinghe human trafficking online deal
By Sewvandhi Jul 01, 2021 12:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ ජුලි මස 15 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ බාල වයස්කාර දැරිය අලෙවි කල සිද්ධියට අදාලව දැරිය මිලදී ගැනීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් ලිංගික කාර්යයන් සඳහා විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කළා.

පසුව සිද්ධියට අදාලව ගල්කිස්ස ප්‍රදේශයේදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතරු මත තවත් පුද්ගලයින් 18 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඒ අනුව ඊයේ දිනයේදි තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියව මුදල් මත ලබාගනිමින් අපයෝජනය කිරිම හේතුවෙන්. මිට අමතරව අත්අඩංගුවට පත්වු අයවලුන් අතර අතවරයට ලක්වු දැරියගේ මව සහ දැරිය අලෙවිකල පුද්ගලයාගේ අනියම් බිරිඳද අයත්.

එමෙන්ම තවත් පුද්ගලයින් 11 දෙනෙකු විටින් විට මුදල් මත දැරිය ලබා ගනිමින් අපයෝජනය කර ඇති බවට හඳුනා ගෙන ඇති අතර එහි චිවරධාරියෙකු ද සිටිනවා.

අත්අඩංගුවට පත්වු පුද්ගලයින් අතර ගැණුම්කරුවන් වෙත දැරිය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරෙකු සහ මෝටර් රථ රියැදුරෙකු මෙන්ම අන්තර්ජාලයට දැරිය විකිණිම සඳහා වෙළෙඳ දැන්විම නිර්මාණය කළ පුද්ගලයා ද අයත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha