කහ පැහැ වූ දත් සුදු කරන සුපිරි ක්‍රම

TEETH NEEM COCONUT OIL COCOCVA
By Sewvandhi Nov 05, 2021 12:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සුදුවන් දත් දෙපළක් ලබා ගන්න ඔබ ගොඩක් වෙහෙසෙනවා නේද? වෙළඳපොලේ තියෙන දන්තාලේප කොතරම් භාවිතා කළත් දත් වල කහ පැහැය නම් අඩු කරගන්න බැහැ. මොකද ගොඩක් වෙලාවට ඊට බලපාන්නේ අපි කන ආහාරපාන වර්ග, විවිධ පෝෂණ ඌණතා සහ නිසියාකාරයෙන් මුඛ්‍ය පිරිසිදු නොකිරීම. ඒත් ඔයාට පුළුවන් කියන මේ ස්භාවික ප්‍රතිකර්ම වලින් දුර්වර්ණ වූ දත් සුදු කරගන්න.

කහ පැහැ වූ දත් සුදු කරන සුපිරි ක්‍රම | How To Whitening Yellow Taath

01.ඉඟුරු සහ ලුණු

කුඩා ඉඟුරු කැබැල්ලක් ගෙන අඹරා ගන්න. එයට ලුණු තේ හැදි 1/4 එකතු කර ලෙමන් පෙත්තක යුෂද මිරිකා ගෙන හොඳින් කලවම් කරන්න. ඉන්පසුව එම මිශ්‍රණය දත් බුරුසුවක් ආධාරයෙන් දත් වල ආලේප කර ටික වෙලාවකින් පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.

02.කොහොඹ කොළ

උණුසුම් වතුර භාජනයක් ගෙන එයට කොහොඹ කොළ එකතු කරන්න. මද වෙලාවක් එසේ තිබෙන්නට හරින්න. එය සිසිල් වීමෙන් පසුව කොහොඹ මිශ්‍ර ජලය ගෙන ඔබේ මුඛය සොදා හරින්න.

03.පෙපර්මින්ට් කොළ සහ පොල්තෙල්

පෙපර්මින්ට් කොළ 3-5 අතර ප්‍රමාණයක් ගෙන ඉතාම හොඳින් අඹරා ගන්න. එයට පොල්තෙල්ද මිශ්‍ර කර එම මිශ්‍රණය දත් බුරුසුවක් ආධාරයෙන් ඔබේ දත් මත ආලේප කරන්න. ඉන්පසුව පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.

කහ පැහැ වූ දත් සුදු කරන සුපිරි ක්‍රම | How To Whitening Yellow Taath

04.හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ බේකිං සෝඩා

1:2 අනුපාතයට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ බේකිං සෝඩා ගෙන බීට් කර පේස්ට් එකක් සාදාගන්න. එම ලැබෙන මිශ්‍රණය දත් බුරුසුව ආධාරයෙන් දත් මත මෘදුව ආලේප කර පිරිසිදු ජලයෙන් හොදින් සෝදා හරින්න.

05.කොකෝවා කුඩු

පොල් තෙල් හෝ ජලය සමඟ කොකෝවා කුඩු මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වූ පේස්ට් එකක් ලැබෙන තුරු ඒවා හොදින් බීට් කරන්න. ඉන්පසුව මිශ්‍රණය භාවිතා කරමින් සුපුරුදු පරිදි ඔබ දත් මදින් ආකාරයට මදින්න.

06.විනාකිරි සහ බේකිං සෝඩා

ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 1ක් සමඟ බේකිං සෝඩා තේ හැඳි 1ක් මිශ්‍ර කරන්න. ඒවා සමජාතීය මිශ්‍රණයක් වන තුරු හොඳින් බිට් කරන්න. එම මිශ්‍රණය භාවිතා කර දත් මැද පිරිසිදු ජලයෙන් හොදින් සෝදා හරින්න. හැබැයි මතක ඇතිව සතියකට 2-3 අතර වතාවක් පමණක් ප්‍රතිකාර කරන්න. මෙම ක්‍රම භාවිතා කිරීමේදී ඔබට වේදනාවක් දැනෙනවා නම් හෝ දත්වල සංවේදීතාව වැඩි වුවහොත් වහාම එම ප්‍රතිකාර නවත්වන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha