කොරෝනා කාලේ ඔබ කියවිය යුතුම ලිපියක්..නිවසෙන් බැහැර වන අයට මෙය විශේෂිතයි (VIDEO)
COVID19
FACE MASK
SANITIZERING
MEDICAL
FABRIC
By Sewvandhi
මේ කාලය කියන්නේ Mask ගැන ඕනෙවටත් වඩා කතා කරන කාලයක්.ඒ කොරෝනා වෛරසය නිසා. වෛරසය ශරීරයට ඇතුළු වීම වලක්වා ගැනීම සඳහා තමයි Mask භාවිතා කරන්නේ කියලා අපි හැමෝම දන්නවානේ .ඉතින් හැමෝම Mask ගැන කතා කළාට හරියම Mask භාවිතා කරනවාද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
කොරෝනා පැතිරුණ මුල් කාලේ නම් අපි හැමෝම ඉතාමත් හොදින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළා .හැබැයි දැන් නම් ඒ දේවල් හිමින් සැරේ අපි අතින් ගිලිහිලා යනවා .ඉතින් අද හිතුවා Mask එකක් භාවිතා කරන හරිම විදිහ ගැන ඔයාට කියලා දෙන්න..
medical mask එකක් භාවිතා කරන අයුරු..
- Mask එක ගැනීමට පෙර දෑත් හොඳින් සබන් හෝ ඇල්කොහොල් මිශ්‍ර පිරිසිඳුකාරකයකින් සෝදන්න
- ඊළඟට Mask එක තදින් නැමිය හැකි දාරයක් ඇති ප්‍රදේශය ඉහලට එන ලෙස පැලදගන්න
- ඒ වගේම Mask එකේ ලා පැහැති පෙදෙස මුහුණේ ස්පර්ශ වන ලෙස සහ එහි තද වර්ණයෙන් යුතු පැත්ත ඉදිරියට එන ලෙස පළඳින්න
- Mask එක පැලදීමෙන් පසු එය ඇල්ලීමෙන් වළකින්න අ
- පිරිසිඳු හෝ දහඩිය ඇති වූ විට Mask එක ඉවත් කර වෙනත් Mask එකක් පළඳින්න
- Mask එකක් භාවිතයෙන් පසු ගලවා තබා නැවත භාවිතා නොකරන්න
- කිසිඳු අවස්ථාවක Mask එක නිකටෙන් පහලට නොගන්න
- Re – Usable Mask නම් භාවිතයෙන් අනතුරුව හොඳින් සෝදා පිරිසිඳු කරන්න
- අමතක කරන්න එපා Surgical Mask එකක් නම් පැය 08ක් පමණක් භාවිතා කරන්න
- භාවිතා කල Mask ආරක්ෂිතව ඉවත් කරන්න
- වැඩි ආරක්ෂාව සඳහා භාවිතයෙන් පසු Mask පුළුස්සා දමන්න
- මුඛය පමණක් ආවරණය නොකර මුඛය සහ නාසය යන දෙකම ආවරණය කරගන්න.
Fabric(රෙදි) මාස්ක් එකක් භාවිතා කරන අයුරු..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
