වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ
අපි හැමෝටම තියෙන හීනයක් තමයි පොඩියට හරි වාහනයක් ගන්න ඕනේ කියන එක.
හැබැයි ඒ හීනේ හබාකරගන්න ගිහින් බොරුකාරයන්ට අහු වෙන්නැතුව මෙන්න මේ ටික කියවලා ඉන්න.
1. Condemn වාහන නැවත අලුත් කර විකිණීම ලොකු අනතුරකට ලක්ව condemn වු වාහන, insurance එක හරහා සම්පූර්ණ අලාභය ගෙවන්න වෙනවා. හැබැයි කිසිවිටෙකත් condemn නොකර, කැළි කැඩලා structure එක අලුත් කර, හරියටම හදලා විකුනන කතාවක් තියෙනවා.
👉 මෙවැනි දේවල් වලට වගකිව යුත්තේ "insurance mafia" කියන පිරිස.
ඔබට කරන්න පුළුවන් දේ:
වාහනේ පැරණි insurance history එක බලන්න.
නිවැරදිව inspect කරන කෙනෙක් හරහා (CarChecks වගේ) වාහනය පරීක්ෂා කරන්න.
ලියකියවිලි පරීක්ෂා කරගන්න.

"විෂය මාලාවේ විතරක් නෙමෙයි තවත් වෙනස්කම් ගොඩක්" අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අගමැතිනියගෙන් කරුණු රැසක් එළියට
2. නීති විරෝධී කටයුතු සඳහා භාවිත කළ වාහන.
ඇත්තටම “open papers” විදිහට තියෙනව.
ඔබට කරන්න තියෙන්නේ:
අයිතිකරු trace කරන්න පුළුවන්ද බලන්න.
open papers වලට අවධානයෙන් ඉන්න.
අයිතිකරුගේ සනාථතාවක් නැති නම්, මිලදී නොගන්න.
3. Duplicate / හොර CRs Original CR
ඔබට බලන්න තියෙන්නේ:
Duplicate CR එකක් RMV එකෙන් නිකුත් කරලද?
අයිතිකරු CR එකේ සඳහන් පුද්ගලයාද?
CR එකේ තොරතුරු online බලන්න – https://eservices.motortraffic.gov.lk
👉මොකද Original CR එක හංගලා duplicate එකෙන් වංචා කරන්න ඉඩ තියෙනවා.
4. Chassis Number ගැටළු සහ වංචා
Chassis number එක alter කරලා හෝ වෙන chasis එකක කොටසක් ගහලා හදන වාහන.
මෙවැනිව වැඩිපුරම තියෙන්නේ jeep, cab වගේ body-on-frame වාහනවල.
ඔබට කරන්න පුළුවන් දේ:
වාහන පරීක්ෂා කරන පුද්ගලයෙක් හරහා verify කරන්න.
Chassis number erased නම්, නිත්‍යානුකුලව re-stamp කරලද බලන්න.
5. Vehicle Model Alteration / Body Modification Short-wheel base එකේ CR එකක් long-wheel base වලට.
පරණ වාහනයක් නව වාහනයක් ලෙස modify කිරීම.
Body style, seat count, doors ගණන match වීම නැති වාහන.
ඔබට කරන්න තියෙන්නේ:
Chassis code එක online search කරන්න.
Vehicle CR එකේ info වලට වාහනය ගැලපෙනවද බලන්න.
6. Special Use Vehicle Alterations NGO/රජයේ වාහන auction වෙලා normal use වලට විකුණනවා.
Ambulance, troop carrier වගේ වාහන වෙනස් කරලා civilian use වලට.
ඔබට බලන්න තියෙන්නේ:
CR එකේ special conditions තවම තියෙනවද බලන්න.
DMT හරහා verify කරන්න.
7. Engine Replacement අලුත් engine එකක් දැමීම සාධාරණ හේතුවක් නම් එය update කරන්න.
Engine capacity/ type වෙනස් වුණානම් පොතේ update කර තිබුණාද බලන්න.
8. Completely Fake / “Jilmart” Vehicles CR එකේ සිටම වංචාව.
Fake chassis number එකක් දාපු, වෙන වාහන registration එකක් භාවිත කරන වාහන. සාමාන්‍යයෙන් GHJ series වාහන වලින් මෙවැනි වංචා සිදු වෙනවා.
👉 මෙවැනි වාහන හඳුනාගන්න අතිශයින්ම අමාරුයි.
Manufacturer-level inspection එකකින් හැර අනිත් ක්‍රම වලින් හඳුනාගන්න බොහෝ වෙලාවට බැහැ. ඔබගේ ආරක්ෂාවට – වාහනයක් මිලදී ගැනීමට පෙර කළ යුතු වැදගත් දේවල්
Official Report එකක් ගන්න:
👉 RMV Vehicle Info Customs info පරීක්ෂා කරන්න (2000 පසු වාහන සඳහා):
👉 SL Customs Vehicle Check Open papers වලින් වලකින්න – අයිතිකරු සනාථ කළ හැකි නම් පමණක්.
👉 Model / Chassis Number වලට වාහනය ගැලපෙනවද බලන්න.
👉 CR එකේ info සහ actual vehicle details compare කරන්න.
👉 Inspection Report එකක් අනිවාර්යයි – accident history, structure check. සැකයක් තියෙනව නම්, නොගන්න.
වාහන ගනුදෙනුවක් කියන්නේ විශ්වාසයෙන් කරන දෙයක්.
පරිස්සමෙන් ඔයාගේ හීනයට ලගාවෙන්න. වංචාකාරයන්ගෙන් බේරෙන්න
