වාහන ආදායම් බලපත්‍රය නිවසේ සිටම ලබා ගතහැකි අලුත්ම ක්‍රමය මෙන්න..

Report

මෙරට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

ලබන ඔක්තොම්බර 07 වනදා සිට මෙලෙස වාහන ආදායම් බලපත්‍ර නිවසේ සිටම ලබා ගැනීමට හැකියාව පවතින්නේ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

"වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් සේවාවෙන් ලබාදීමේ වැඩසටහන දැන් අපි ආරම්භ කරලා තියෙනවා.

07 වෙනිදා ඉඳලා ඕනෑම කෙනෙක්ට ඕනෑම පළාතක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාහන ආදායම් බලපත්‍රය ලබාගන්න හැකියාව තියෙනවා. "