ඉහළම නිලයක් දරන එක්සත් ජනපද යුද හමුදා නිලධාරියෙක් ශ්‍රී ලංකාවට - හේතුව මෙන්න
එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ජොයෙල් ජේ.බී. වවල් මහතා අද (29) දින ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මෙසේ පැමිණ ඇත්තේ සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා පැවැත්වෙන වැඩසටහනක් සඳහා සහභාගී වීමටයි.
ඔහුගේ මෙම පැමිණීමත් සමඟ මෙරට සංචාරයක නිරත වූ ඉහළම නිලයක් දරන එක්සත් ජනපද යුද හමුදා නිලධාරියා බවට ජොයෙල් ජේ.බී. වවල් මහතා පත්ව ඇති බව සඳහන්.
එසේම ඔහුගේ මෙම සංචාරය, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා යුද හමුදා අතර වර්ධනය වෙමින් පවතින සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව පවසයි.
අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි